සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කෝරලයේ දියපොට ගම්පත්තුවේ ඕමල්පේ ග්රාමනිළදාරී වසමේ ඕමල්පේ ගම් පියසෙහි කුඩා කදුගැටයක් පාමුල ර/ඇඹි/ඕමල්පේ මහා විද්‍යාලය පිහිටා ඇත.වර්ෂ 1864 දී පමණ ආරම්භ වූවා යැඉ සැළකෙන මෙම විද්‍යාලයේ ආරම්ඛක විදුහල්පති ලෙස තෙන්නකෝන් මහතා සේවය කර ඇති බවට ලිඛිත නොවන තොරතුරු පවතියි. පාසල ආරම්භයේදී සිසුන් දස දෙනෙකු පාසලේ විය. මෙම පාසල ඒත් අවදියක දී ඕමල්පේ පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ අතර පසු කලෙක විහාරස්ථානයෙන් වෙන්කර දෙන ලද භූමියක පාසල ආරම්භ විය. මෙම යුගයේදී පාසලේ පෝෂිත ප්‍රදේශය ඉතා පුළුල් වූ අතර ඕමල්පේ දොරපනේ ගමකන්ඩ්ග, ගොඩවෙල , දියපොට, දාපනේ, කෝප්පකන්ද, මොරවාඩිය, වැනි ගම්මාන රැසකට තිබූ එකම අධ්‍යාපනික කේන්ද්‍රස්තානය මෙයි විය. 1936 දී සිසුන් 176 දෙනෙකු අධ්‍යාපනය ලැබූ බව පාසල සතු පැරණිම ලොග් සටහන් පොතේ ඇත.
පාසලේ අද ද පවතින T හැඩයේන් යුක්ත ඉපැරණි ගොඩනැගිල්ල දිය බෙන්මක් ලෙස ක්‍රියාකරයි. වහලේ උතුරු දෙසට් යොමුව ඇති පලයට පවතින වන වැසි ජලය මාතර දිස්ත්‍රික්කය හරහා නිල්වලා ගගට එක්වෙමින් සාගරයට ගලායයි එමෙන්ම ගොඩනැගිල්ලේ දකුණු දෙසට යොමුව ඇති පළයට පතිත වන වැසිජලය රත්නපුර දිස්ත්‍රික්කය හා හම්බන්තොට දිස්ත්‍රික්කය හා හම්බන්තොට දිස්ත්‍රික්කය හරහා වලෙවේ නදිය මගින් සාගරයට එක්වෙයි.
ප්‍රාථමික පාසලක් වශයෙන් ආරම්භ වූ මෙම පාසල පසුව කණිශ්ඨ පාසලක් ලෙසට ඉන් අනතුරුව මහා විද්‍යාලයක් වශයෙන් දියුණුවට පත්වූ අතර කලා හා වාණිජ විෂය ධාරාවක් හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලැබී තිබේ. 2011 දී ද්විතීක පාසලෙඅක් බවට් පත් විය නෙන පාසලේ මේ වන විට 06 ශේණිය සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ පසුගිය කාල වකවානුව තුළ ශිෂ්‍ය ගණන ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගත්තද මේ වන විට සිසුන් මෙම පාසලට ඇතුලත් කිරීමට දෙමාපියන් කැමැත්තක් දැක්වන බවත් දැකිය හැකිය.
|
ආරම්භ කළ වර්ෂය |
1864 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
තෙන්නකෝන් මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ර/ඇඹි/ඕමල්පේ මහා විද්‍යාලය |
|
පාසල පැවැත්වූ ස්ථානය |
රත්නපුර දිස්ත්‍රික්කයේ, කොලොන්න කෝරලයේ,ඕමල්පේ ග්රාමනිළදාරී වසමේ ඕමල්පේ ගම් පියසෙහි |
{QF3=5}