නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ර/ඇඹි/ඕමල්පේ මහ විද්‍යාලය

වසර 150 කට අධික ඉතිහාසයක් ඇති ඕමල්පේ මහා විද්‍යාලය කොලොන්න කොට්ටාසයේ අභිමාන්වත් පාසලකී. මඩුවන්වෙල මහ දිසාව සමයේ ආරම්භ කළ් පාසල් 05 අතුරින් එකක් වන මෙය පෝෂිත ප්‍රදේශ රැසකට අධ්‍යාපනය ලබාදුන් පාසලක් වේ.අදවනවිට 6-13 ශ්‍රේණිවලට අධ්‍යාපනය ලබාදෙන ද්විතීක පාසලක් වන ඕමල්පේ මහාවිද්‍යාලය අ:පො:ස (උ:පෙ:ළ) විභාග ප්‍රථිඵල ද ඉහළ මට්ටමක පවතී. ගෙවුන වසර කිහිපය තුළ ක්‍රීඩා අංශයේදී ද කැපී පෙනෙනෙඅ දක්ෂතා දක්වමින් සමස්තලංකා ජයග්‍රහණ රැසක් දිනාගැනීමට් සමත් විය අද වන විට් 250 ට අධික සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන අතර අධ්‍යාපන කාර්ය මණ්ඩලය 25 ට් අධික පිරිසක් සේවයි කරනු ලැබේ. ගුණ් නැණ පිරි දරුවන් දැයට් දායාද කිරීමට් අරමුණ කරගෙන ඕමල්පේ මහා විද්‍යාලය නුදුරේදීම ප්රදේදයේ දීප්තිමත් විද්‍යාලයක් වනු දැකීම අපගේ බලාපොරොත්තුවයි.